Sunday, January 16, 2011

ඉන්දීය ඔත්තුකාරිය...

බ්‍රිතාන්‍යය වෙනුවෙන් දිවිපිදූ ඉන්දීය ඔත්තුකාරිය...
බ්‍රිතාන්‍ය අගමැති වින්සන්ට්‌ චර්චිල්ගේ විශේෂ මෙහෙයුම් කාර්යාංශයේ ඒජන්තවරියලෙස ඉන්දීය තරුණියක්‌ වූ නූර් ඉන්සාම් කාන් සේවය කළාය.
බ්‍රිතාන්‍ය හමුදාවට ගුවන් විදුලි පණිවිඩ එවීම සඳහා ප්‍රංශයට යවනු ලැබූ නූර් ජර්මානු හමුදාවට සම්බන්ධ තොරතුරු රහස්‌ සංඥා මඟින් බ්‍රිතාන්‍ය හමුදා මූලස්‌ථානයට එවනු ලැබීය. 1943 වසරේ ජුනි 16 වැනිදා ඇය ජින් මැරි රෙජිනියර් යන ප්‍රංශ නමක්‌ යටතේ බ්‍රිතාන්‍ය ගුවන් හමුදා යානාවක්‌ විසින් පැරෂුටයක ආධාරයෙන් ප්‍රංශයට ගොඩබස්‌සා තිබුණි. ඇය ප්‍රංශයට පැමිණ සති හයක්‌ තිස්‌සේ ප්‍රංශයේ ජර්මානු හමුදා ක්‍රියාකාරීත්වය ගැන බ්‍රිතාන්‍ය බලධාරීන්ට තොරතුරු සපයා තිබුණි.මේ නිසා ජර්මානු නෙස්‌මාවෝ රහස්‌ පොලීsසිය විසින් මැඩලින් නමින් රහස්‌ සංඥා යවන රේඩියෝ යාන්ත්‍රිකයා අල්ලා ගැනීමට උත්සාහ කෙරුණි.
ඒ වනවිට ජර්මානු විරෝධි කණ්‌ඩායම් රැසක්‌ අත්අඩංගුවට ගත් නෙස්‌මාවෝ පොලීසිය ඔවුන්ගෙන් වැඩි දෙනෙක්‌ වෙඩිතබා මරා දැමිණි. අවසානයේදී මැඩලින්ට සහය වූ කාන්තාවන් ඇගේ අනන්‍යතාවය හෙළිකරනු ලැබිණි.ප්‍රංශයේ පොච් මාවතේ පිහිටි නෙස්‌මාවෝ මූලස්‌ථානයට ගෙනයනු ලැබූ නූර්ට ජර්මානු රහස්‌ පොලීසිය වෙත තොරතුරු සපයා දිවි ගලවා ගන්නැයි ජර්මානු නිලධාරිහු කළ ඉල්ලීම ඇය ප්‍රතික්‌ෂේප කරනු ලැබීය.1944 සැප්තැම්බර් 12 වැනිදා ප්‍රංශයේ සිට ජර්මනියේ ඩාඩාපු වධ කඳවුර වෙත ඇයව ගෙනගොස්‌ ඇත.නූර් ඉන්සාම් හෙවත් මැඩලින්ව පසුවදා උදේ (සැප්තැම්බර් 13 දා) අවදිකළ ජර්මානු සෙබලු ඩාඩාපු වධ කඳවුරේ පිහිටි සිරුරු පුළුස්‌සන ආදාහනාගාරය සමීපයට ගෙන යනු ලැබූ අවස්‌ථාවේ වෙඩි තබා ඝාතනය කෙරුණි.මේ බ්‍රිතාන්‍ය ඒජන්තවරිය ඝාතනය වන අවස්‌ථාවේ ඇගේ වයස 30 කි. වසර 66 කට පසු බ්‍රිතාන්‍යයට මේ ඉන්දීය කාන්තාව කළ විශිෂ්ට සේවාව සිහිපත් විය.
දැන් ස්‌ටර්ලින් පවුම් 25000 ක වියදමින් ඇගේ ප්‍රතිමාවක්‌ ලන්ඩනයේ ගෝඩන් චතුරශ්‍රයේ ඉදිකිරීමට සැලසුම් කර තිබේ.එසේම ස්‌ටර්ලින් පවුම් මිලියන 10 ක්‌ වැය කරමින් ඇගේ ජීවිත කතාව තිරයට ගෙන ඒමට ද බ්‍රිතාන්‍ය සමාගමක්‌ විසින් තීරණය කර ඇත.
නූර් ඉන්සාම් කාන් ඝාතනය වූ ජර්මනියේ ඩාඩාපු වධ කඳවුර දැන් ලොව පුරා සිටින සංචාරකයන් පැමිණෙන අනුස්‌මරණ ස්‌ථානයක්‌.පසුගියදා අපි මේ ස්‌ථානයට ගියෙමු. වධ කඳවුරේ ගොඩනැගිලිවලින් කීපයක්‌ හා වධකාගාරද දක්‌නට ලැබේ.
මුළු ඩාඩාපු කඳවුර පුරා දක්‌නට ලැබෙන්නේ දැඩිs නිසල ගතියකි. සංචාරකයන් මියගිය යුධ සිරකරුවන් සැමරීම සඳහා මල්වඩම් තබා විනාඩියක්‌ නිශ්ශබ්දතාවය පලකරන අයුරු අපට දක්‌නට ලැබිණි.එසේම හඬන සංචාරකයන්ද දැක ගැනීමට හැකිවිය. 1914 වසරේ උපන් නූර් ඉන්සාම් කාන්ගේ පියා මුස්‌ලිම් ජාතිකයකු වන අතර මව ඇමරිකානු කාන්තාවකි.ඇගේ පවුලේ අය බ්‍රිතාන්‍යයේ පදිංචියට ගොස්‌ පසුව ප්‍රංශයට සම්ප්‍රාප්ත විය.එහෙත් ජර්මන් හමුදාව ප්‍රංශය තම ආධිපත්‍යයට ගැනීම නිසා ඔව්හු යළි බ්‍රිතාන්‍යයට පැන ගියහ.බ්‍රිතාන්‍ය කාන්තා ගුවන් ඒකකයට බැදුනු කාන් ගුවන් විදුලි සංඥා ගැන මනා දැනීමක්‌ ලැබීම නිසා ඇයට චර්චිල්ගේ විශේෂ ඒකකයට බඳවා ගනු ලැබීය.එහෙත් සතුරු හමුදාවන්ගේ ආගමනය ගැන බ්‍රිතාන්‍ය හමුදාවට තොරතුරු සැපයූ මේ ඉන්දීය ඒජන්තවරිය ජර්මානු රහස්‌ පොලීසිය වෙත පාවා දුන්නේ ප්‍රංශ කාන්තාවකි.
බ්‍රිතාන්‍යයේ මන්ත්‍රිවරු 34 ක්‌ දැන් කාන්ගේ ස්‌මාරකය ඉදිකිරීමේ මහඟු කාර්යට සහාය වේ. එහි අර්ථය නම් බ්‍රිතාන්‍යය වෙනුවෙන් සේවය කළ විදේශික කාන්තාවන්ගේ විශිෂ්ටතම සේවාව ඇගයීමයි.

කීර්ති වර්ණකුලසූරිය
London

TV SRI LANKA